Colombo Today Local News

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කීවේ බොරු

prajithaරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඇති බවටත්, ප්‍රභූ පවුලක පුද්ගලයන් පිළිබද එම දර්ශනවල සාක්ෂි ඇති බවටත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා කළ ප්‍රකාශය ඔහුගේ හිතළුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට රහස් පොලීසිය ලබාගෙන ඇති සීසීටීවී දර්ශනවල තිබිය හැක්කේ ඔහු ඝාතනය කළ ස්ථානයේ ඒවා නොව අදාල සිදුවීමට පෙර ඔහු රැදීසිටි ස්ථානයේ හා මහාමාර්ගයේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී කැමරාවට හසුවූ දර්ශන පමණක් බවට සැක කරන අතර එම දර්ශන හෝ තවමත් පොලීසිය විසින් පැහැදිල කරගෙන නොමැති බවද පැවසේ.

2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යෑමේ සිදුවීමට අදාල සීසීටීවී වීඩියෝ පට ‍මකා දමා ඇති බව පරීක්ෂණවලින් හෙළීවී ඇති බවත් එම වීඩියෝ පට කිහියක් පරීක්ෂා කිරීම සදහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාර දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලීසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්ෂණයක් සිදු කර නොමැති නිසා මේ සම්න්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී ගැටළු රැසක් මතු වී ඇතැයි ද එම පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Related posts

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

IMF නියෝජිතයින් හා ජනපති හමුව අද

Admin

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin

අගවිනිසුරු පත්වී ඇත්තේ එජාපයේ උවමනවටයි – ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday