Colombo Today Local News

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45 ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට පෙනෙනු ඇත.

2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණේ.

මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය.

2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Related posts

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

colombotoday