World

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොවිඩ් -19 වැළඳී තිබේ. එය එවැනි සිදුවීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව වේ.

එහි සිටින සිංහ ධේනුවන් තිදෙනෙක් ද ඒ අතර වෙයි.

සත්වෝද්‍යාන සේවකයින් එම සතුන් අසනීප ගතියකින් සිටින අයුරු දැක කළ පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සත්වෝද්‍යානයේ සේවකයින් දෙදෙනෙක් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනිනි.

මීට පෙර අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටි සිව් දෙනෙක්ට සහ සිංහයින් තිදෙනෙක්ට කොවිඩ් වැළඳී තිබුණි.

ඒ, පසුගිය අප්‍රේල් මාසයේ ය.

Related posts

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday