Colombo Today Local News

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි 10ක රස පරීක්ෂක වාර්තා කැඳවයි

මිරිහාන පොලීසිය විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව රේස් පැදීමට සුදානම් කර තිබු යතුරුපැදි 26ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් යතුරුපැදි 10ක චැසි අංක වෙනස් කර දේශීයව නැවත සකස් කර ඇති බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය සිකුරාදා දින මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේ සිදුවු රියඅනතුරකින් කුඩා දියණියන් දෙදෙනෙක් මියගොස් ඔවුන්ගේ මව බරපතළ තුවාල ලැබීමේ සිදුවීම මුල්කර ගනිමින් එම වැටලීම් සිදුකර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මිරිහාන පොලීසිය විසින් පසුගිය ඉරිදා දින සවස් කාලයේ දී යතුරුපැදි 26ක් පමණ පොලිස් භාරයට ගනු ලැබුවා රේස් පැදීමට සුදානම් කර තිබිය දී. මෙම යතුරුපැදි ඊයේ දිනයේ දී මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රථ වාහන පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා. එම නිරීක්ෂණයෙන් පසුව වාර්තා වී ඇත්තේ එම යතුරුපැදි 26න් යතුරුපැදි 10ක චැසි අංක දේශීය වශයෙන් සකස් කරන ලද ඒවා බවයි. ඒවා වෙනස් කර ඇති බවයි. ඒ අනුව මෙම යතුරුපැදි රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව තිබෙනවා. මෙම පරීක්ෂාව සමග මෙම යතුරුපැදි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට පෙනී යනවා.මේ පිළිබඳව මිරිහාන පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. අදාළ යතුරුපැදි 26න් 10ක් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.“

මේ අතර එම යතුරුපැදි හිමිකරුවන්ට ඉදිරියේ දී අදාළ නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අශේන්ගේ ඇප කැන්සල්

Admin

කොවිඩ් එන්නත් සිව්වැනි මාත්‍රාවක්

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin