Colombo Today Local News

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

උතුරේ ගම්මානවල සිට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ මීගමුව ප්‍රදෙශයේ නවාතැන්වල ගත කරමින් කොළඹ හා තදාසන්න පෙ‍දෙස්වල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනකු රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා, අයිස්, හෙරොයින් ඇතුලු මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ටාශයේඅපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

හදිසි මාර්ග බාධයකදී මෝටර් රියක් පරීක්ෂාවට ලක් කර අත්අඩංගුවට ගැනුනු සැකකරුවන්ගෙන් ලත් තොරතුරු අනුව මෙම වැටලීම කරනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි 58 හැවිරදී පුද්ගලයෙකු හා මීගමුව ජයරත්න පාරේ වෙසෙන 33 හැවිරිදි පුද්ගලයෙකි.

මීගමුව අලුත්පාරේදී පරීක්ෂාවට ලක් කෙරුණු මෝටර් රථයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 6ක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් හා හෙරොයින් ග්‍රෑම් 200 ක් පොලිසිය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන්ගෙන් අනාවරණයවූ විස්තර මත ඔවුන් නවාතැන්ගෙන සිටි කඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි කාමරයක සගවා තිබුනු කේරල ගංජා කිලෝග්‍රෑම් 35 ට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවද පොලිසිය කියයි.

මත්ද්‍රව්‍යයන්හි බර කිරීමට යොදාගත් නවීන පන්න‍යේ විද්‍යුත් තරාදි 2 ක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. සැකකරුවන් ඉතා රහසිගතව යාපනයේ සිට භාණ්ඩ ප්‍රවාහන ලොරිවල සගවාගෙන එන මෙම මත් ද්‍රව්‍ය මීගමුවට නුදුරු පෙදෙස්වලදී මෝටර් රථයකට පටවාගෙන ඔවුන් නතරව සිටින හෝටලට කරා ගෙන ගොස් ඇති බවද හෙලිවී ඇත. ඒවාබෙදා හැර ඇත්තේ එහි දි බවද හෙලිවීයැයි පොලිසිය කියයි. රැදවුම් නියෝග මත සැකරුවන් රදවා තබා පරීක්ෂණ පැවැත්වේ.

Related posts

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday