Colombo Today Local News

නිදා සිටියදි දුන් උදලු පහරින් බිරිදට මරු කදවු සැමියා වස බොයි

හලාවත ඉහල මණ්ඩලාන ප්‍රදේශයේ දී තම බිරිද උදැල්ලකින් ගසා මරා දැමු සැමියකු වස පානය රෝහල් ගත කර ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ හලාවත ඉහල මණ්ඩලාන,කුමාරකට්ටුව පදිංචිව 38 හැවිරිදි තිදරු මවක් බව පොලිසි කියයි.

පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වු අදාල කාන්තාව හා සැමියා අතර කලක් තිස්සේ ආරවුල් පැවති බවත් එම ආරවුල දුර දිග යාමේන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සැකකාර සැමියා බිරිද සමග එකම කාමරයක නිදා ගෙන සිට ඇති බවත් මධ්‍යම රාත්‍රියේදී උදැල්ලකින් මෙසේ හිසට පහර දි ඇති බව කියයි.

එම උදලු පහරත් සමග විලාප තබා ඇති බවත් මවගේ විලාපයෙන් අවදි වු දරුවන් තම මව ලේ විලක් මැද වැටි සිටිනු දැක වහාම අසල නිවසක පිරිස් සමග හලාවත රෝහලට ඇතුළත් කර තිබු බවත් රෝහල් ගත කර සිටි කාන්තාව රෝහලේදි මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඝාතනය සිදුකල බව කියන සැමියා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ බුලත් ගොවිපලක කම්කරුවකු ලෙස සේවය කරන බවත් සිද්දියෙන් පසු පලා ගිය සැමියා එම ස්ථානයේ වස පානය කර බරපතල තත්වයේ සිටියදි හලාවත රෝහලට ඇතුලත් කර තිබුණි.

සිද්දිය සම්බන්ධව හලාවත මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday