Colombo Today Local News

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

මෙර­ටට පාම් ඔයිල් ආන­ය­නය කළ ප්‍රධාන පෙළේ සමා­ගම් දෙකක් නිසා 2013-2016 වර්ෂ ඇතු­ළත ශ්‍රී ලංකා රේගු­වට රුපි­යල් මිලි­යන 6130ක් අහි­මිව ඇති බව පාර්ලි­මේ­න්තුවේ රජයේ ගිණුම් කාරක සභා­යේදී පෙරේදා (03) අනා­ව­ර­ණය විය.

ශ්‍රී ලංකා රේගුවේ නිල­ධා­රීන්ගේ නොසැ­ල­කි­ලි­මත් භාවය නිසා අදාළ කාල පරි­ච්ජේ­දය තුළ නිවැ­රදි භාණ්ඩ සංයෝ­ජිත වර්ගී­ක­රණ අංක (HS Code) යටතේ නිෂ්කා­ශ­නය නොකි­රී­මෙන් මෙම මුදල අහි­මිව ඇති බව විග­ණ­කා­ධි­පති දෙපා­ර්තු­මෙ­න්තුව විග­ණන විම­සු­ම­කින් හෙළි­ද­රව් කර තිබේ.

මෙම වසර ත්‍රිත්වය සඳහා අදාළ සමා­ග­ම්ව­ලින් රජ­යට පාඩු වූ මුදල් අය­කර ගැනීම සඳහා විම­ර්ශන කට­යුතු ඉදි­රි­යට ගෙන යෑමට මුදල් අමා­ත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටි­ගල මහතා කට­යුුතු කර තිබු­ණද ශ්‍රී ලංකා රේගුව කඩි­න­මින් ඒ සම්බ­න්ධව පිය­වර ගත යුුතු බවට කාරක සභාව නිය­යෝග කළ අව­ස්ථා­වේදී රේගු අධ්‍යක්ෂ ජෙන­රාල් විජිත රවි­ප්‍රිය මහතා ඒ සම්බ­න්ධව සිය එක­ඟ­ත්ත­වය පළ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මහා­චාර්ය තිස්ස විතා­රණ මහ­තායේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමු­වට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙන­රාල් ඇතුළු ඉහළ නිල­ධා­රීන් පිරි­සක් පැමිණි සිටි අතර ඊට අම­ත­රව මුදල් අමා­ත්‍යාං­ශයේ ඉහළ නිල­ධා­රී­හුද විග­ණ­කා­ධි­පති දෙපා­ර්ත­මේ­න්තුවේ

Related posts

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

colombotoday

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

Admin

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin