Colombo Today Local News

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රැඳවියා ඊයේ (02)දින රාත්‍රි රෝහලෙන් පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. එයින් රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02)දින තහවුරු විය.

තුවාල ලබූ රැඳවියන්ගෙන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මින් පෙර හඳුනාගැනුණි.

තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලෙන් පිටත් කර තිබේ.

Related posts

ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් අධිකරණ විනිසුරුවන්ට බලපෑම් – අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

Admin

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday