Colombo Today Local News

දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා ඇද දමා නිවස අත්පත් කර ගැනීමට උත්සහා දැරූ උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අල්ලන්න හොයයි

ඇමැතිවරයකුගේ නම භාවිත කරමින් මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක් බලෙන් අත්පත් කර ගැනීමට ගිය බව කියන ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

දෙහිවල කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනා මෙම නිවසේ එම මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙයි. ව්‍යාපාරිකයාගේ දෑස් නොපෙනෙන බැවින් ඔහු සහායකයකු මාර්ගයෙන් එදිනෙදා කටයුතු කරගෙන ජීවත් වෙයි. ඔහුගෙන් වෙන්ව සිටින බිරිඳ ජීවත්වන්නේ මෙම නිවසෙහි උඩු මහලෙහිය.

මේ අතර පසුගියදා වාහන කිහිපයකින් පැමිණි විස්සකට අධික පිරිසක් නිවෙස් හිමියා එළියට ඇද දමා මෙම නිවස අත්පත් කිරීමට උත්සාහ දරා ඇතැයි ව්‍යාපාරිකයා විසින් දෙහිවල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නේ ඉහත කී උප නගරාධිපතිවරයාය. මීට පෙරද විවිධ චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසියට නියෝග ලබා දී ඇති බවකි.

Related posts

සිමෙන්ති මිල පහළට

Admin

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

ශ්‍රී ලංකාව සහ තවත් ආසියානු රටවල් 11කට ජපානයට ඇතුළුවීම තහනම්

colombotoday

ඩලස් මාතර ශ්‍රීලනිප තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. අලුත් පක්ෂයේ ලොකු තනතුරක් !

colombotoday

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

Admin