Covid 19

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වු ඇති බව පොලිසිය පවසයි.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලීසිය පවසයි.

මරණයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි : මරණ 8ක්

colombotoday

හබරාදූව විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13ට කොවිඩ්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday