World

සංචරණ සීමා පැනවූ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සියයට 30කින් පහළට

රට සම්පූර්ණයෙන් වසා දමා තිබූ මාසයක කාලය තුළ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30කින් පහළ ගොස් තිබේ.

එරට සමීක්ෂණ ආයතනයක් සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර වසංගත ව්‍යාප්තියේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රදේශවලින් මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව පහළ යමින් පවතින බව ඔවුන් පෙන්වා දී ඇත.

පසුගිය 13 වනදා සිට 24 දක්වා කාලය තුළ පුද්ගලයින් 10,000 කින් 130 දෙනෙකුට පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අදාළ සමීක්ෂණයෙන් සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් තවදුරටත් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හඳුන්වාදෙමින් රට සම්පූර්ණයෙන් වසා දමා සංචරණය සීමා කිරීම හරහා ආසාදිතයින් වාර්තා වීම අවම කර ගත හැකි බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1,617,327ක් වන අතර කොවිඩ් ආසාදිතයින් 58,245ක් මියගොස් තිබේ.

Related posts

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

උත්සව සමයේ දී ඉතාලිය යළි වසා දැමීමට තීරණයක්

colombotoday