Colombo Today Local News

ඉදිරි පැය 36 තුලදී බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී.

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කෙරේ.

ඌව, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ප්‍රදේශවල මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකිය.

නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

colombotoday

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයි

colombotoday

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday