featuredWorld

කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.

ඩෙන්මාර්කයේ ලොම් සඳහා ඇති කරන “මින්ක්” නැමති මුගටි විශේෂයකගෙන් කොවිඩ් -19 වෛරසයෙහි විකෘති අනුවාදයක් සොයාගත් පසු, අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් නොවැම්බර් මස මුලදී මිලියන ගණනක් සතුන් මරා දැමීමට නියෝග කරන ලදි.

ලොව විශාලතම මින්ක් ලොම් අපනයනය කරන ඩෙන්මාර්කයේ “මින්ක්” මුගටින් මිලියන 15-17 අතර ප්‍රමාණයක් සිටින බව එරට මාධ්‍ය වාර්තා පළකර සිටියි.

කෙසේ වෙතත් මේවන විට මියගිය සතුන් බැහැර කිරීමේ ගැටළු මතු වී තිබේ. සත්ව මළ සිරුරු දිරාපත්වීමේ ක්‍රියාවලියේදී පොස්පරස් සහ නයිට්‍රජන් විශාල වශයෙන් සොහොන් අවට පස තුලට මුදා හැරිය හැකි බවත් ඒ සමග වෛරසය විශාල වශයෙන් පරිසරයට මුදා හැරීම හේතුවෙන් අනාගතයේදී වෙනත් ක්‍රම මගින් වෛරසය ව්‍යාප්ත වීමේ බියක් හටගෙන ඇත.

මේ හේතුවෙන් ඩෙන්මාර්කයේ රජය මිලියන ගණනක් මින්ක් සතුන්ගේ ශරීර කොටස් වලදැමූ ස්ථානවලින් ඉවත් කිර ආදාහනය කිරීම පිළිබඳව සලකා බලමින් සිටියි.

සිකුරාදා ඩෙන්මාර්කයේ නව කෘෂිකර්ම අමාත්‍ය රස්මුස් ප්‍රෙන්න් විසින් “මින්ක්” සතුන් මරා පුළුස්සා දැමීමේ අදහසට සිය සහාය පළ කළ අතර එවැනි පියවරක් සඳහා රටේ පරිසර ඒජන්සියේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව එරට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණු අතර, ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේ බහුතරයක් එම අදහසට සහාය දක්වයි.

මේ සතියේ, බටහිර හොල්ස්ටෙබ්‍රෝ මහ නගර සභාවේ, දිරාපත්වීමේ ක්‍රියාවලියේදී මුදා හරින ලද වායූන් මළකඳන් නොගැඹුරු භූමදාන වළක මතුපිටට තල්ලු කිරීමට පටන් ගත්තේය.

Related posts

කොවිඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

colombotoday

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday