Colombo Today Local News

දිනකට පරීක්ෂණ 1300ක් කළ හැකි ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් ගුවන්තොටුපලට

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සංක්‍රමණික සේවකයින් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට ස්විස්ටර්ලන්තය සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහය හිමිව තිබේ.

ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින්ට සිදුකරන PCR සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000ක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මෙරට කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘති රැසක් සඳහා ස්විස්ටර්ලන්ත රජයේ සහයෝගය ලබාදී ඇති බවත්, දෙරට අතර සහයෝගීතාව දීර්ඝකාලීනව තවදුරටත් පවත්වාගෙන යෑමට මෙය ප්‍රධාන පිටුවහලක් වනු ඇති බවය.

මෙම ස්වයංක්‍රීය PCR පරික්ෂණ යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ 1300ක් පමණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සඳහා පැය තුනක් වැනි කෙටි කාලයක් ගතවන අතර මෙමගින් පරීක්ෂණ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

Related posts

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

colombotoday

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

colombotoday