Colombo Today Sports News

අවිශ්කගේ සුපිරි පිතිහරඹයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් ජය හිමිකර ගනී

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (27)දින රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් විය.

නායක ශයිඩ් අෆ්රිඩි ලකුණු 58ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක් ද රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී ලකුණූ 176ක් ලබා ගනිමින් ජය ලැබීය.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63කදී ලකුණු 92ක් ද සොයිබ් මලික් ලකුණූ 27ක් ද ලබා ගත්තේය.

අවිශ්ක ප්‍රනාන්දුගේ ලකුණු 92ක ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර හතකින් වර්ණවත් විය.

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday