Colombo Today Local News

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

2021 වසර සදහා හලාවත නගර සභාව විසින් අද ( 27)දින ඉදිරිපත්කරණ ලද අයවැය යෝජනා දෙවෙනි වරටත් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාගේ (එජාප) ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර ඔහු විසින් එම අයවැය යෝජනා සභාව හමුවට ඉදිරිපත් කරන ලදී.

පසුව ඒ සදහා ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව පාලක එජාප මන්ත්‍රිවරුන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්.රීගන් ප්‍රනාන්දු මහතා සභාවට මෙදින ද පැමිණ සිටියේ නැත.

විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් 6 දෙනා සහ ශ්‍රීලපොප නියෝජනය කරන මන්ත්‍රිවරුන් 6 දෙනාත් අයවැයට විරුද්ධව ඡන්දය පල කළ අතර ජවිපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන කිංස්ලි ආනන්ද වික්‍රමසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඩබ්ලිව්. ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා (ශ්‍රීලපොප) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්ෂිතව සභාව වෙත කැඳවා ගෙන පැමිණ තිබිම විශේෂ සිද්ධියක් විය.

මෙම අය වැය යෝජනා මුල්වරට පසුගිය 13 දා පැවැති රැස්වීමේ දි ද වැඩි ඡන්ද 13ක් ලබා පරාජයට පත් විය. එදින ජවිප මන්ත්‍රිවරයා විරුද්ධව ඡන්දය පල කර සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරයට සැකකරුවකු ව සිටී බදියුදීන් නඩුවෙන් නිදහස්

Admin

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

Admin

හම්බන්තොට වරාය හෙට චීනයට.. මත්තල ගැනත් තීරණයක් ගනී !

colombotoday

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක්

colombotoday

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin