Colombo Today Local News

නෙළුම් කුලුන ණයෙන් කන්දක් වෙයි. මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නෑ. | විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ.

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී තිබේ.

මේ හේතුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඒකාබද්ධ අරමුදලට වර්ෂිකව බැර කරන මුදල් ද පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 3040කින් අඩු කර ඇත. 2017 වසරේදී රුපියල් කෝටි පන්සිය විස්සක් ද 2018 දි රුපියල් කෝටි 615ක් හා පසුගිය වසරේ දී රුපියල් කෝටි 1905ක් ද වශයෙන් බැර කරන මුදල් අඩු කර තිබේ.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආදායමින් ණය හා වාරික ගෙවීමට සැලසුම් කර තිබුණ ද මේ දක්වා ව්‍යාපෘතියෙන් කිසිදු ආදායමක් නොලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මේ බව අනාවරණය කරන්නේ විගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි.

අදාළ කාලසටහනට අනුව ව්‍යාපෘතිය නිම නොකිරීම නිසා ණය මුදලින් ලබා ගැනීමට හැකි වී තිබුණේ ද සියයට 76ක් හෙවත් රුපියල් කෝටි 1230ක් පමණ ය. ඉතිරිය වන රුපියල් කෝටි 393ක පමණ මුදල ලබා ගැනීමට නොහැකි වී තිබුණ ද මුළු ණය මුදල සඳහාම රක්ෂණ, එකඟතා සහ කළමනාකරණ සේවා ගාස්තු වශයෙන් අමතරව රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් ගෙවා ඇතැයි ද එහි සඳහන් වෙයි.

චීන සමාගම් සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 2015 වසරේ මැයි 12 දින දක්වා වූ දින 912කින් ව්‍යාපෘතිය නිම කළ යුතුව තිබිණි. එතැන් සිට වාර්ෂිකව රුපියල් කෝටි 168ක ආදායමක් ඉපයීමට සැලසුම් කර තිබූ නමුත් ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවීම මත එම ආදායම අහිමි වී ඇත.

පසුව ඇති කරගත් ගිවිසුම් අනුව ව්‍යාපෘතිය නිමා කර 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා භාර දිය යුතුව තිබුණ ද පසුගිය අගෝස්තු 31 වැනිදා වන විටත් ව්‍යාපෘතිය අවසන්ව නොතිබූ බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළි කර තිබේ.

Related posts

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

පොලිසියේ 3ක් ඇතුළු 4කට නීතිය ක්‍රියාත්මක කර නෑ… ශානිට එරෙහිව පැමිණිල්ලක්!

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

colombotoday