Colombo Today Local News

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (25)දින අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකාර කොස්තාපල්වරයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

කොස්තාපල්වරයා එම මුදලින් ලබා ගත් බව කියන රන් මාලයක් හා දුරකථන පහසුකම් සැපයීමට යොදාගත් ජංගම දුරකථනයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසි නැමැත්තාට සැකකාර කොස්තාපල්වරයා විසින් අවස්ථා ගණනාවක දී දුරකථන පහසුකම් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ලද රහසිගත තොරතුරකට පසු සිදුකළ විශේෂ විමර්ශනයකදී ඒ බව සනාථ වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

38 හැවිරිදි කොස්තාපල්වරයා කහටගස්දිගිලිය පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Related posts

13 වැනි සංශෝධනයේ ඇති ඉඩම්, පොලිස් බලතල දෙන්න බැහැ… විකල්ප ගැන කතා කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ‘ද හින්දු’ පුවත්පතට කියයි

colombotoday

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday

කෝටියක වන්දි මුදලක් නොදුනහොත් දරුවාගෙන් පළිගන්නවා කිවුවා.. ධම්මික කණට ගැසූ වෛද්‍යවරයා මාධ්‍ය හමුවක

colombotoday

භයානක පොලිස් ජිහාදයක් බිහි වේවිදෝ | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin