Colombo Today Local News

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අංජලී ද සිල්වා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පැවැති පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාවට මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ අංජලීය.

අංජලී මොනෑෂ් නගර සභාවට තේරී පත්ව ඇත්තේ හරිත පක්ෂයෙනි. ඒ අනුව ඉදිරි සිව් වසරක කාලයේදී ඇය මොනෑෂ් වෙත සේවය කිරීමට නියමිතය. එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක් ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.

සිය බාල සොයුරිය වන සරනි සහ මාපියන් සමග අංජලී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව් හැවිරිදි වියේදීය. අංජලී මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පළමු පන්තියේ ගෞරව උපාධිධාරිනියකි. ඇයගේ විෂය වී ඇත්තේ ජනමාධ්‍ය හා සන්නිවේදනයයි. පෞද්ගලික ආයතන කිහිපයක නීතිඥවරියකද ලෙස සේවය කර ඇති ඇය සුප්‍රසිද්ධ බාක්ලේස් සහ ලන්ඩනයේ ‘ස්කොට්ලන්ත රාජකීය බැංකුව’ වෙනුවෙන්ද සේවය ලබා දී ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම කාන්තාවන්) වෙනුවෙන් සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කොට තිබේ.

https://greens.org.au/vic/person/anjalee-de-silva

Related posts

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

colombotoday

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

colombotoday

යතුරු පැදි සොරකම්කර කොටස් විකිණු සිව්දෙනෙකුට වැඩ වරදී

colombotoday

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

colombotoday