Colombo Today Local NewsUncategorized

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

p denishwaranමියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

උතුරු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන්ගේ සැළසුමකට අනුව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම සහනාධාර පිරිනැමීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි. මේ සදහා ලියාපදිංචි වූ ප්‍රතිලාභීන්ගෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම කොටි මහවිරු පවුල් සහ හිටපු කොටි සාමාජිකයන්ගෙන් තෝරාගත් 147 දෙනෙකුට රුපියල් 50,000ක් වටිනා ජීවනෝපාය සහනාධාරය පිරිනැමීමට නියමිතය.

ඒ අනුව 2015 දෙසැම්බර් 09වන දින යාපනය නාවලර් වීදියේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ කාර්යාලයේදී, දෙසැම්බර් 11වන දින වව්නියාව ග්‍රාම සංවර්ධන ශාලාවේදී සහ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, දෙසැම්බර් 12වන දින කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදාළ වැඩපිළිවෙලේ පළමු අදියර සදහා ආධාර පිරිනැමීමට නියමිත බව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි දමිළ වෙබ් අඩවි වාර්තා කර ඇත.

Related posts

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්

colombotoday

එජාපය සමග තරගකර මහින්දට බලයට එන්න බැරිවෙන විද්‍යාත්මක හේතුවක් මරික්කාර් හෙළිකරයි

colombotoday