World

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි අන්තර්ජාලයේ දැවැන්තයන් පාකිස්තානය තුළ සේවාවන්ගෙන් ඉවත් වීමට සූදානම් වෙයි. ඔවුන් මේ ආකාරයෙන් ඉවත් වීමට සැරසෙන්නේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් රජය අලුතෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති මාධ්‍ය වාරණ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් වේ.

ඉස්ලාම් ආගමට අපහාස කරන අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ, අසභ්‍ය ප්‍රකාශන, ත්‍රස්තවාදයට අනුබල දෙන අන්තර්ගතයන්, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් නව වාරණ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බැව් වාර්තා වේ. මෙවැනි අන්තර්ගතයන් වැලැක්වීමට පියවර නොගන්නා සමාජ මාධ්‍ය ආයතනවලට සහ අන්තර්ජාල සේවා සපයන ආයතනවලට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 3 ක උපරිමයකට යටත්ව දඩ නියම කිරීමට මෙම නව රෙගුලාසි අනුව හැකියාව ලැබේ.

මෙම අලුත් වාරණ රෙගුලාසි විවේචනය කරන පාර්ශ්ව පෙන්වා දෙන්නේ මේ හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවයි. මෙම රෙගුලාසි ක්‍රියාත්මක කළහොත් තමුන් පාකිස්තානයෙන් සිය සේවා ඉවත් කරගන්නා බව පවසා ඇත්තේ ආසියානු අන්තර්ජාල එකමුතුව නමින් හැඳින්වෙන සංවිධානයකි. ගූගල්, ෆේස්බුක්, ට්විටර්, ඇපල්, ඇමසෝන්, ලින්ක්ඩ්ඉන්, යාහූ වැනි ප්‍රධාන ආයතන මෙහි සාමාජිකත්වය දරයි.

Related posts

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහතට

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin