Colombo Today Local News

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

සර්පයකු දෂ්ට කිරීමෙන් රෝහල් ගත කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (21 වැනිදා) යාපනය, පේදුරුතුඩුව රෝහල් හදිසි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බව යාපනය පේදුරුතුඩුව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිවාජිලිංගම් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේ සිට නිවස වෙත පිටත්ව යාමට ගිය අවස්ථාවේ පසුගිය 20 වැනිදා රාත්‍රියේ මෙලෙස සර්පයකු දෂ්ට කර ඇත. අනතුරුව රෝහල් ගත කළ සිවාජිලිංගම්ගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස සර්ප දෂ්ටනයට ලක්වන අවස්ථාව වනවිට සිවාජිලිංගම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මහවිරු සැමරුවට සූදානම් වෙමින් සිටියේය.

Related posts

මම ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා

Admin

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

තවත් අමාත්‍යංශයකට අලුත් ලේකම්වරියක්

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday