Colombo Today Local News

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදෙස් ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන නව චීන තානාපති ක්වි සෙන්හොන් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි.

චීන තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීම සඳහා මෙම හමුව සිදු විය.

චීනය අත් කර ගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් මෙරට ඇති කර ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සිය ප්‍රධාන ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා චීනයේ සහය අපේක්ෂා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නව චීන තානාපතිවරයා පවසා ඇත්තේ, මෙරට සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට චීනය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාසය බව ද ඔහු එහිදී පවසා ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

colombotoday

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday