Covid 19

කොරෝනා දෙවැනි රැල්ලට පාර කැපූ සීදුවේ හෝටලය සී.අයි.ඩී.යේ විමර්ශනයට

කොරෝනා දෙවැනි රැල්ලට මුල පිරුණු බව කියන සීදුව හෝටලයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කොවිඩ් පොකුර ආරම්භ වූ ආකාරය ගැන විමර්ශන පවත්වන විශේෂ කණ්ඩායමට මෙම විමර්ශන භාරදී තිබේ. තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු සැප්තැම්බර් 11 වැනිදා මෙම හෝටලයේ දින දාහතරක් නිරෝධායනයට යොමුකර සිටි අතර සැප්තැම්බර් 13 වැනිදා ඉන් එක් අයකු කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා විය.

එම හෝටලයේ කාර්ය මණ්ඩලයේ හැටතුන් දෙනාගෙන් දහඅට දෙනෙකු දිනපතා නිවෙස්වලට ආ ගිය අය බව හෙළි විය. ඔවුන්ගෙන් ඇඟලුම් ආයතනයට පැතිර ගිය බවට බුද්ධි අංශ කළ තාක්ෂණික විමර්ශනයකදී හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණයකදී තහවුරු විය.

මෙම හෝටලයේ සේවකයන් පස්දෙනකුම කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා විය. මේ සමග ඇති වූ කොරෝනා දෙවන රැල්ල නිසා කොවිඩ් ආසාදිතයන් 14154 දක්වා ඊයේ (17 වැනිදා) උදෑසන වන විට වාර්තා විය.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර 3106ක්, කොළඹ මාළු වෙළෙඳාමේ පොකුර 11048ක්ද විය.

Related posts

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ මූලික ගැටළු විසදන මෘදුකාංගයක්

colombotoday

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

colombotoday

නව ආසාදිතයින් 198ක්

colombotoday

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

colombotoday

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

colombotoday