Colombo Today Local News

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර තිබේ.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කරන ලදී.

නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව ඇත.

‌​මේ අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතයන් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම විමර්ශනය අරඹා තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල්වල සේවය කළ අයට කොවිඩ් වැලඳීමෙන් එය පොලිසියට ව්‍යාප්ත වූ බව මුලදී අනාවරණය විය.

කෙසේ වෙතත් මුළුතැන්ගෙයක් නොමැති තානාපති අංශයේ රාජකාරිවල නිරත තිදෙනකුට ද කොවිඩ් වැලඳී තිබුණි.

ඊයේ (12 වැනිදා) උදෑසන වන විට පොලිස් පොකුරේ ආසාදිතයන් 639ක් වාර්තා වූ අතර 3740ක් නිරෝධායනයට යොමුකර ​ඇත. බොරැල්ල හා කොටුව පොලිස් ස්ථානවලින් වැඩිම රෝගීන් වාර්තා විය. බස්නාහිර පළාතේ පොලිස් පොකුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහායට නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර පත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

Related posts

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

හම්බන්තොට ආයෝජන කළාපය අවශ්‍යයි – චමල් රාජපක්ෂ

colombotoday

ජනපතිගේ තීරණයට එරෙහිව නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

නව වසරේත් 2දා සිට සුපුරුදු අඳුරේ…

Admin

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

colombotoday