Colombo Today Local News

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

my3 cbk dumindaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන ඇති බව එහි මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සදහා නව සන්ධානය ගොඩනැගෙන බවයි ඔහු පවසන්නේ.

රටට ආදරය කරන ඕනෑම දේශපාලන පක්‍ෂයකට හා කණ්‌ඩායමකට මෙම සන්ධානය සමග එක්‌විය හැකි බව හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්‍ෂ නායකත්වය පිළිගෙන පක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා කැපවී ක්‍රියා කළ යුතු අතර එලෙස වැඩකටයුතු කළ නොහැකි අය සිටී නම් වැඩකටයුතුවලට බාධා නොකර ඉවත්ව යැමට අවස්‌ථාව තිබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් කීය.

මෙම නව සන්ධානයට, එක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොහෝ පක්ෂ එකඟතාවය පළකර ඇති අතර, ඉන් බාහිරව සිටින පක්ෂ කිහිපයක් සමග ද ඒ සම්බන්ධයෙන් මේවනවිට සාකච්ජා ආරම්භකර ඇත.

Related posts

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday

ලංකාවේ අරක්කු රටවල් තිස් පහක් මත් කරයි

Admin

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin

නැතිවුණ ෆෝන් සොයා දෙන්න පොලිසියෙන් අලුත් වැඩක්.. අද සිට ක්‍රියාත්මකයි

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday