Colombo Today Local News

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

කොරෝනා රෝගීන් හයක් වාර්තා වීම සහ ආසාධිතයන් හා ආශ්‍රියන් නගරයේ සැරි සැරීම නිසාත් සෞඛ්‍ය අංශ වලට සහය දක්වමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් 09 ,10,11 යන තෙදින තුල නිකවැරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට පියවර ගත් බව නිකවැරටිය වෙළඳ සංගමය පවසයි.

පෙර දින වාර්තාවූ අසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස මේවන විට නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක්ද නිරෝධායනයට ලක්කර වසා දමා ඇති බවත් ,තවදුරටත් සෞඛ්‍ය අංශවල පරීක්ෂණ කටයුතුවලට සහය දක්වමින් නිකවැරටිය නගරයට පැමිණෙන පිරිස් අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බවද වෙළඳ සංගමය පැවසීය.

මේ මස 12 බ්‍රහස්පතින්දා දින යළි නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරණ බවද නගරයට පැමිණෙන සියලුම ජනයා සෞඛ්‍ය උපදෙස් පිළිපදින පැද ,රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත තත්වය මර්ධනය කිරීමට සහය දක්වන ලෙසද වෙළඳ සංගමය ජනතාවට දැනුම් දී සිටී.

Related posts

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී සිකුරාදා දින යාඥ්ඥාව පැවැත්වූ 7ක් අත්අඩංගුවට

colombotoday