Colombo Today Local News

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

ඇල්ල රාවණා ඇල්ල අතර නිතර අධික ලෙස නාය යෑමට ලක්වෙන 16 කණුව ප්‍රදේශයේ කිරිදි ඔය නිමිනයේ හෝටලයක් ඉදි කිරීමට යැයි කියමින් විශාල භූමි ප්‍රදේශයක් මේ දින වල ඩෝසර් කරන බව ගම්වාසීහු පවසති.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල 16 කණුව ප්‍රදේශයේ දි රාවණා කදුවැටිය නාය යෑමට ලක්වීමෙන් මාසයක් තිස්සේ පාර වසා තිබූ ප්‍රදේශයට පහළින් මෙම හෝටලය ඉදිකිරීමට භූමිය ඩෝසර් කරන බව ගම්වාසීන් කියන අතර පුංචි සිරිපාදය ද මේ භුමියට ඉහළ කදු වැටියක පිහිටා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසී කිත්සිරි ජයසේකර මහතා මෙසේ පැවසීය…

‘ඇල්ල රාවණා ඇල්ල අතර තිබෙන 16 කණුව ප්‍රදේශයට පහළින් වනය මැද අක්කර ගානක් මේ දවස් වල බැකෝ කරනවා. වැස්සට සේදි යන පස් කිරිදි ඔයට මුසු වීමෙන් පහළ ගොවිබිම් සියල්ල විනාශ වී යනවා. මේ විනාශය කාටවත් පේන්නේ නෑ මෙතන හෝටලයක් හදන්නයි ඉඩම බැකෝ කරන්නේ. තාමත් නිළධාරීන් බළධාරීන් නිහඩයි. බැකෝ කිරීම දිගටම කරගෙන යනවා.’

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා මහත්මියගෙන් විමසු විට මෙසේ පැවසූවාය.

මෙතන දැඩි බෑවුම් වගේම නිතර නාය යන ප්‍රදේශයක් ව්‍යපාරික පුද්ගලයෙක් ඉදිකිරීමක් කරන්න භූමිය බැකෝ කරන බවට ගොවි ජන සේවා වගේම වෙනත් ආයතන වලින් හා මහ ජනතාවගෙන් මට පැමිණිලි ගොඩාක් ලැබුණා. සියලුම ආයතන සමඟ මම එතනට ගිහින් ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කළා. අක්කර ගාණක් බැකෝ කරලා. විශාල පරිසර හානියක් බව අපිට පෙනී ගියා.අපි වැඩ නැවැත්තුවා.ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය පරීක්ෂණයක් කළා එතැන ඉතාම අවදානම් බවට මට වාර්තාව ලැබුණා. බැකෝ කරපු භූමිය නැවත තිබු විදියට ස්ථාවර කරන්න කියලා ඉඩම් හිමිකරුට දන්වා තිබෙනවා. ඔහු එය පිළිගත්තා අක්කර 600 සින්නක්කර ඔප්පු තිබෙන බවට ඔහු අපිට ඔප්පුවක් පෙන්නුවා මෙතන කිසිම ඉදිකිරීමක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑතැයි ලේකම්වරිය පැවසූවාය.

Related posts

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

දෙමළ ජනතාව ඡන්දය දිය යුත්තේ කාටද? LTTE ඩයස්පොරාවේ තීරණය නිවේදනය කරයි…

colombotoday