Colombo Today Local News

සිලින්ඩර් ජාතික ලැයිස්තුවේ අර්බුදයක්

මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලද පරාජය හමුවේ ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක දිනේෂ් ගුණවර්ධන හා රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත නොමැති බවත් බහුතරයක් එම තීරණයට තම විරුද්ධ විරුද්ධභාවය ්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි

ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයන් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට හා එජාපය හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ශවයෙන් හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක වෙත ලබා දීමට එකඟතාවක් තිබෙන පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු මෙම යෝජනාවට ව්රෝධතාවය ප්‍රකාශ කර අතර මෙම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලනයෙක්ට දෙන ලෙස යෝජනා වී ඇත.

පසුගිය ජනාධිපතිවරණය අවසාන සමයේදී දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණි තලතා අතුකෝරල ද මෙම ජාතික ලැයිස්තු අසුනකට රිංගා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද සඳහන්.

ඉදිරි දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සහ දැරීම තුළ තවදුරටත් එජාපය මෙන්ම සිලින්ඩරයද දේශපාලන සුසානයට යාමක් මිස යළි ගොඩ ඒමක් නම් නොමැති බවටයි දැන් ඔවුනොවුන් අතර සංවාදයට ලක්වෙමින් ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වෙයි.

Related posts

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

හරීන් ප්‍රනාන්දු සහ ජනපති සොයුරු ත්‍රස්තප්‍රහාරයේ සැකකරුට ටෙලිකොම් තඔ ටෙන්ඩරයක් දීලා.

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

ඥානසාර හිමි බරණැස ඉසිපතනාරාමයේ ධර්ම දේශනා කරති.

colombotoday

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

colombotoday

සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට

colombotoday