Colombo Today Local Newsfeatured

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමට නියමිත නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා හිටපු සාමාජිකයන් තිදෙනාම ඇතුළත් නොවනු ඇතැයි එම කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව නොවැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට තිබියදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉකුත් 29 වැනිදා නීතියක් බවට පත්වීමත් සමග එහි බලය අහෝසි විය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පස් දෙනකු පත්කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකි. ඉකුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය කටයුතු කරනු ලැබූ අතර, සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ එන්. ජේ. අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් එච්. හූල් කටයුතු කරනු ලැබීය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වී තිබීම නිසා ජනාධිපතිවරයාට ඉදිරි ඕනෑම අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් නම් කිරීමට අවස්ථාව හිමිවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාට පමණක් වසරකට දීමනා වශයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක මුදලක් ගෙවනු ලබයි. එමෙන්ම කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මැතිවරණ දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාස සහ වාහන අනිසි ලෙස භාවිත කිරීම ආදී චෝදනාද එල්ල වී තිබිණි.

Related posts

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

colombotoday

හදිසි නීති රෙගුලාසි යෝජනාව ගැන විවාදය අද

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

colombotoday

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday