Colombo Today Sports News

සනත් ජයසූරියගේ සම්බාධක කාලය අවසන් වෙයි

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සනත් ජයසූරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ සම්බාධක කාලය අවසන් වී තිබේ.

ICCය විසින් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරියට දන්වා ඇති අතර ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

ඒ අනුව සනත් ජයසූරියට යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතු සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා වෙයි.

මෙරටින් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ටෙරාන් ජයසූරිය එක්දින ජාත්‍යන්තර තරග 445කදී ශතක 28ක් සහ අර්ධ ශතක 68ක් ද සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 13,430කි.

මීට අමතරව ටෙස්ට් තරග 110කදී ලකුණු 6973ක් රැස්කරගෙන ඇති ජයසූරිය එහිදී ශතක 14ක් සහ අර්ධ ශතක 31ක් ලබාගෙන තිබේ.

Related posts

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

සනත්ට ලොකු වගකීමක්

Admin

පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරයින්ට ජනපති අතින් පදක්කම්

colombotoday

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday