Colombo Today Local News

රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි

උද්ගතව ඇති කොවිඩ්-19 නව වයිරසයේ ව්‍යාප්ති තත්වය මත රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය කළ ඉල්ලීමක් පරිදි නොවැම්බර් 03 දින සිට 11 දින දක්වා දින 9ක් රත්නපුර පළාත්බද මහාධිකරණයේ සහ රත්නපුර දිසා අධිකරණයේත්, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේත් නඩු විභාග නොවන බව එම නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ප්‍රජාපාලි අතුකෝරළ මහත්මිය පැවසුවාය.

නමුත් අධිකරණ බල ප්‍රදේශයේ මෙම කාලය තුල විවිධ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිසිය බී වාර්තා මගින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමේ කාර්යයන් සිදුකරන බව රත්නපුර මුලස්ථාන පොලිසිය සහ පළාත්බඳ මහාධිකරණයේ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාල නිලධාරීහු පැවසූහ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin