Colombo Today Local News

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (30)දින රාත්‍රී 7ට පමණ මෙය සිදුව ඇත.

ආරවුල දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, ඉන් 6 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වයස අවුරුදු 17ක් වන මොරයාය, උතුරු වෑකඳවල ලිපිනයේ පදිංචි උසස් පෙළ හදාරමින් සිටින සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය සිසුවාගේ පියා ද බරපතළ තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෘත ශරීරය පිළිබඳ මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31)දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Admin

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහන අද ඇරඹෙයි…

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday