Colombo Today Local News

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29)දින අත්සන් තැබීය.

ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29)දින සිට බලාත්මක වනු ඇත.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලමේන්තුවේ දී ඉකුත් 22 දා සම්මත විය .

20වන සංශෝධන පනත් කෙටුම්පත සඳහා පාර්ලමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන් සහතිකය සටහන් කිරීම සිදු කළ බව පාර්ලමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එම අත්සන් තැබීමේ අවස්ථාවට පාර්ලමේන්තුවේ නියෝජය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.

Related posts

කොරෝනාවෙන් පිඩාවට පත් ජනතාවට සහනයක් දෙන්න : විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

colombotoday

IOC ඉන්ධන මිල ඉහළට

colombotoday

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

බොරැල්ලේ ජය අනුරට

Admin