මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඔහු කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.