World

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ පිහිටි මද්‍රාසා පාසලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් ළමුන් 11 දෙනෙකු සහ ආගමික ප්‍රධානියෙක් මියගොස් ඇති බවය.

නමුත් එම චෝදනාව ඇෆ්ඝනිස්තාන රජය ප්‍රතික්ෂේප කළේය. ඔවුන් පවසන්නේ තලිබාන් සටන්කරුවන් 12 දෙනෙකු මියගොස් ඇති බවය.

එම ප්‍රදේශයේ සිදු කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් 30 දෙනෙකු පසුගියදා මියගිය අතර එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට පිළිතුරක් ලෙස බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday