Colombo Today Local NewsUncategorized

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබෙනවා.

කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වූ බවයි.

මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළේ.

පෙරේදා දිනයේදී මෙම PCR පරීක්ෂණ සිදුකොට ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday

12ක් අරන් ආණ්ඩුවෙන් යනවා කියූ අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් නෙරපයි !

colombotoday

වෙන ආණ්ඩුවක් කලා නම් නාමල් කරුණාරත්න අමුඩෙ ගහන් මහා පාරේ

Admin

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday