Colombo Today Local News

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ බලයක් නොලැබෙන බවත් පෙර සිටි ජනාධිපතිවරුන්ටත් වඩා අඩු බලයක් මෙයින් ලැබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අයට වඩා අඩු බලයක් තමයි 20 වෙනි සංශෝධනයෙන් ලැබෙන්නෙ. ඒ කියනනේ 19 ට පෙර තිබූ තත්ත්වයමයි. අමුුතු බලයක් ලැබෙන්නෙ නැහැ.

19 අහෝසි කරන්න 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිතුමාට ජන්දය දීලා තියෙනවා. අපි දැක්කනෙ 19 හින්දා එක පැත්තකින් ආර්ථිකය විනාශ වුනා. තව පැත්තකින් රටේ ආරක්ෂාව පිරිහුණා. මහබැංකුව මංකොල්ල කෑවා. අපිට ඕනේ එහෙම ව්‍යවථාවක් නෙමේ. 19 වෙනි සංශෝධනය වෙනස් කරනවා කියලා අපි ජනතාවට පැහැදිලිව කීවා. ජනාධිපතිවරණයේදීත් ජනතාව අනුමැතිය දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව තුනෙන් දෙකක බලයක් එක්ක අනුමැතිය දීලා තියෙනවා.

අපි ලබන 22 බ්‍රහස්පතින්දා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකක බහුතරය බලයකින් සම්මත කරලා රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වූ ආර්ථිකය හා අනෙකුත් සංවර්ධනයට බාධාවන දේවල් අයින් කරලා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව අනුව ජනාධිපතිතුමාට රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා වගේම නිලධාරීන්ටත් වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය මින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Related posts

සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 3ක් යළි කැඳවෙයි

Admin

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

colombotoday

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

colombotoday

ගව ඝාතනයට එරෙහිව උතුරේ විරෝධතාවක්…

colombotoday