Colombo Today Local News

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් පූර්ණ සහාය.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කාර්මාන්තය නංවාලීම සදහා සිය පූර්ණ සහාය පල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊට අදාල යෝජනා එම සංවිධානය විසින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත මේ වන විටත් භාර දී තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි. සාකච්ඡාව සංචාරක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

සංචාරක ව්‍යාපරයේ නිරත පුද්ගලයන් වෙනුවෙන් සමාජ ආකර්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා ද සිය සහාය හිමි වන බව හැනා සිංගර් මහත්මිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මේ සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමු කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉදිරිපත් කල සංචාරක කාර්මාන්තය නංවාලීම සදහා වන යෝජනා වලිය සම්බන්ධයෙන්ද සංචාරක සංවර්ධන අධිකාරිය සිය අවධානය යොමුකර ඇති බව ද ඇමතිවරයා මෙහිදි කිවේය.

කොවිඩ් පාලනය කිරීමෙන් අනතුරුව මෙරටට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට රජය සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද කීවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය මෙහිදී අවධාරණය කලේ කොවිඩ් 19 පාලනය සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පල කරන බවයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා සංක්‍රමනිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය මගින් සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍ර සදහා ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා සංක්‍රමකිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා හා මාලදිවයින ප්‍රධානී සරත් ඩාෂ්, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුන්ද එක්වූහ.

Related posts

බැඳුම්කර කොමිසමට විශේෂඥ දැනුමක් තිබුනේ නෑ – රාජිත සේනාරත්න

colombotoday

රටක් කාන්තාවට සලකන ආකාරය සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්

colombotoday

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

‘ඒකීය රාජ්‍ය අපි පිළිගන්නෑ.. ඉඩම් පොලිස් බලය සමග උපරිම බලය බෙදීමක් ඕනෑ‘ – සම්බන්ධන්

colombotoday

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී… ඉරානයට එරෙහිව යුද්ධය වෙනුවට දැඩි සම්බන්ධක පනවන බව කියයි !

colombotoday

යහපාලනය දෝරෙ ගලනවා.. අද තරුණ පරපුරටම ප්‍රශ්න.. Facebook එකෙන් විතරක් කෑගැහුවට මදි

colombotoday