Colombo Today Local News

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදාන මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ලිපිකාර නිලධාරිණියකට කොවිඩ් – 19 ආසාදිත වීමත් සමඟ එම කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඇයට වෛරසය ආසාදිත බවට ඊයේ (15)දින හඳුනාගෙන ඇති බවත් ඇය කඩුවෙල පදිංචිකාරියක් බවත් වාර්තා වේ.

කළුතර මහ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම හෙද නිලධාරිනිය පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇතැයි ද වාර්තා වේ.

වෛරසය ආසාදිතයන් වාර්තා වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Related posts

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

colombotoday

හැටන් අනතුරට හේතුව හෙළිවේ

Admin

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday