Colombo Today Local News

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

2020 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ.

මෙවර ලියාපදිංචිය සඳහා ජනවාරි මාසයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලුම්පත් කැඳවා තිබු අතර එහිදී ඉල්ලුම්පත් 154 ලැබී තිබු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉන් ඉල්ලුම් පත්‍ර 121 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර පක්ෂ 06ක් පමණක් ලියාපදිංචි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති බව සඳහන් වේ.

ඊට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල රාවය පක්ෂයේ නම අපේ ජනතා රාවය ලෙස සංශෝධනය කිරීමට යොජිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මීට පෙර දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබුණි.

Related posts

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday

කූරගල මුස්ලිම් පල්ලියේ වාර්ෂික දානමය වැඩසටහන නෙල්ලිගල හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ආරම්භ කෙරේ.

colombotoday

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday

එජාපයේ කලු බැටලුවන් ගැන රවී හෙළිකරයි…

colombotoday

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

colombotoday