Colombo Today Local News

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විශ‍්‍රාමික කිසිඳු පුද්ගලයෙකු නැවත දැනුම් දෙනතුරු විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

ඒ අනුව විශ‍්‍රාම වැටුප් සක‍්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ‍්‍රාමිකයින් කැඳවීම සහ විවිධ ගැටලූ සඳහා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින්ගේ පැමිණීම අද සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කළ බවයි විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ඒ. ජගත් ඞී ඩයස් පැවසුවේ.

ඒ අනුව විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවාවන් ඇත්නම් 1970 ක්‍ෂණික දුරකථන අංකය අමතා එම සේවාවන් ලබා ගන්නා ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

Related posts

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin

අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි…

colombotoday

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin