Colombo Today Local News

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ පවසති.

ඊයේ (12) පැවති එම මාධ්‍ය හමුවේ දී දැක්වු කරුණු පිළිබඳව තමන් වහන්සේගෙන් විමසීමක් හෝ නොකළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

අද (13) මහනායක හිමියෝ වැඩසිටින මැණික්හින්න හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවසුහ.

“ශාරීරික වෙහෙස නිසා මා වැඩිපුර ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඊයේ වුණා කියන එක මම දන්නේ නෑ. යම් රැස්වීමක් නිකාය පිළිබඳ කරේ නම් මා දැනුවත් කළ යුතුව තිබුණා. නැතිනම් මහනායක හිමියන් නොදැන ප්‍රකාශ කිරීමට යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි. අනික් අයත් දැන ගත යුතුයි. අපේ අනුදැනුමක් නැතිව එවැනි ප්‍රකාශ කරන ඒවා භාර ගන්න කෙනෙක් නැහැ.“

මහනායක හිමියන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවත අනුව එම පාර්ශවයේ මහා සංඝරතනයට දේශපාලනයට සම්බන්ධ නොවන ලෙස සඳහන් කර ඇති බවත්ය.

ඒ අනුව දේශපාලනය සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීම සිදුනොවිය යුත්තක් බවත් උන්වහන්සේ පැවසීය.

ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එරෙහි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කිරීමට වහාම පියවර ගත යුතු බව ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ඊයේ පවසා සිටියේය.

Related posts

සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය

colombotoday

හූනියමක් කරන්න තරුණයින් තිදෙනෙක් මවකගේ ඔළුව ගලවලා

Admin

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

colombotoday

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

colombotoday

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

colombotoday