Colombo Today Local News

කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නෑ – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ කටුනායක නිදහස් වෙළඳ කලාපය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර නොගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ එම නිදහස් වෙළඳ කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිතයා වාර්තා වූ ඇඟලුම් කර්මාන්තශාලාව පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම කර්මාන්තශාලාවේ සේවකයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ වාර්තා ලැබෙන තෙක් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

පිළිකාකාරක පොල්තෙල් කතාව කරලියට ගෙනා බුද්ධික සිල්වා පිටුපස විමල් ඉන්නවාද?

colombotoday

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

Admin

මාලිමාවේ සුපිරි කැබිනට්ටුව 25කට සීමා වෙයි

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin