Colombo Today Local News

පිළිකාකාරක පොල්තෙල් කතාව කරලියට ගෙනා බුද්ධික සිල්වා පිටුපස විමල් ඉන්නවාද?

පිළිකාකාරක පොල්තෙල් කතාව කරලියට ගෙන ඒම පිළිබඳව විවිධ කතා මේ දිනවල පැතිර යමින් සිටියි. මෙය කුමන්ත්‍රණයක් බව බොහෝ දෙනා මේ වනවිට මත පළකරමින් සිටියි.

කෙසේ වෙතත් මෙරටට ගෙන්වා ඇත්තේ පොල්තෙල් නොවන බව වාර්තා වෙනවා. ආන්දෝලනයට තුඩු දී ඇත්තේ පිරිපහදු නොකළ කූඩ් ඔයිල් තොගයකි. කූඩ් ඔයිල් පිරිපහදු කිරීමෙ ක්‍රියාවලියකින් පසු පොල්තෙල් ලෙස පාරිභෝගිකයා අතට පත්වෙයි. කොප්පරා මත හටගන්නා පුස් වර්ගයක් මගින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යක් ඇතිවෙන බවත් කූඩ් ඔයිල් පිරිපහදු කිරීමේදී බොහෝ දුරකට එම ද්‍රව්‍ය ඉවත් වන බවටත් මේ වනවිට මත පලවී ඇත.

මේ අතර, පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය නැමති සංගමය පිළිබඳව තොරතුරු රැසක් වාර්තා වෙමින් තිබෙනවා. පොල්තෙල් නිෂ්පාදනය කර ඇත්තේ බුද්ධික සිල්වා ගේ පියායි. පසුගිය වසර 20 තිස්සේ පොල්තෙල් නිෂ්පාදනයක් ඔහු සිදුකර නැත. කෙසේ වෙතත් දීර්ග කාලයකට පසු තම පියාගේ ව්‍යාපාරය යලි අරඹා ඇති බුද්ධික සිල්වා පොල්තෙල් නිෂ්පාදනය සඳහා සම්පත් බැංකුවෙන් ණයක් ලබාගෙන විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් වෙළඳපොල තරගයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් ඔහු ලබා ගත් බැංකු ණය හෝ ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙනවා. ඒ අතරතුර 2020 මහා මැතිවරණයට දින නියමවෙන අතර එහිදී ඔහු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කර වීරවංශ මහතාගේ දෙහිවල පක්ෂ කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ද ලබා දී ඇත.

පසුව විමල් වීරවංශ මහතා ලවා සම්පත් බැංකුවේ තිබෙන ණය එම බැංකුවෙන් මහජන බැංකුවට මාරූ කරවා ගැනීමට ද උත්සහ කර තිබෙනවා.

පසුව තම පොල්තෙල් ව්‍යාපාරය කෙසේ හෝ විමල් වීරවංශ මහතා ලවා ගොඩ දා ගැනීමට සිතන බුද්ධික සිල්වා “පොල්තෙල් ආනයනය තහනම් කරනු” සටන් පාඨය අතට ගන්නා අතර වෙළඳපොලේ පොල්තෙල් මිල සීග්‍රයෙන් ඉහල යාමේ අවදානම මත එය ද අසාර්ථක විය.

පසුව පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කිරීමට උත්සහ කරන මෙම පුද්ගලයා විමල් වීරවංශ මහතා සමග ඊට අදාළ කටයුතු සිදුකරන ලදි.
මෙරටට කොප්පරා ආනයනය කිරීම නිත්‍යානුකුලව සිදුකල නොහැකි බවට මත පලවෙමින් සිටියදී ඊට අදාලව ටෙන්ඩරය මුස්ලිම් ජාතිකයෙකු වෙත ලබා දීමට කටයුතු කරන ලදි. කෙසේවෙතත් ඇතිවූ ප්‍රයෝගික ගැටළු මත එය ද අතර මග නැවතී ඇත.

එවැනි වාතාවරණයක් තුල පොල්තෙල් තුල පිළිකාකාරක අඩංගු බවට එක වරම කරලියට ගෙන ආ සටන් පාඨය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් ඇති බවට සැක පලවීම සාධාරණය.

විමල් වීරවංශ අමාත්‍යවරයා සමග එකතුව තමන් පොල් තෙල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බවට බුද්ධික සිල්වා පසුගිය කාලයේ පුරසාරම් ද දොඩවා ඇත.

මේ පිළිබඳව රජය සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවය ඇත. ඒ මන්ද යත් දැන් දැන් මෙරට තුල සිදුවන බොහෝ කරුණු පිටුපස මහා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීමයි.

Related posts

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday

අගමැතිට ගණන් පැටලේ.. ණය බර ගැන මහ බොරුවක් කියා රට නොමග යවයි.. ණය බරේ ඇත්ත කතාව මෙන්න !

colombotoday

කුපිත වූ පිරිසකගෙන් පානදුර දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ප්‍රහාරයක්

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනෙට්ටුවේදී ඇරගනී.. “තමුසෙ පල්හොරෙක්“ දෙන්නාම කැරැට්ටුව වමාරයි

colombotoday