Colombo Today Local News

20ට පක්ෂව ඡන්දය දීම ගැන මන්ත්‍රී විජේදාස දෙගිඩියාවෙන් – ජනපතිට ලිපියක් යවයි

මහජන පරමාධිපත්‍යයට ගරු කරන මන්ත්‍රීවරයෙකුට හෘද සාක්ෂියට එකඟව 20වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම කළ හැකි ද යන්න පිළිබඳව තමා තුළ බරපතළ ප්‍රශ්නයක් මතු වී ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබේ.

20වන සංශෝධනය මගින් “මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට දෙන ලද ප්‍රතිඥාව සහ දිවුරුම” උල්ලංඝනය කිරීමක් ද සිදුවනු ඇතැයි තමාට හැඟෙන බව මන්ත්‍රීවරයා පවසයි.

ඔහු ඒ පිළිබඳව ෆේස්බූක් සටහනක් තබමින් පවසන්නේ, “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව පවතින දුෂ්ඨතම ව්‍යවස්ථා ප්‍රතිපාදනය යැයි අපි උපකල්පනය කළත්, එම සංශෝධනය සම්මත නොකළා නම් ඔබතුමාට කිසිදු දිනයක ජනාධිපති හෝ ජනාධිපති අපේක්ෂකයාවීමටවත් වරම් නොලැබෙන බව මට වඩා හොඳින් ඔබතුමා ද හෘද සාක්ෂියට අනුව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි,” යනුවෙනි.

“දැනට ඉදිරිපත් කර ඇති යෝජිත 20වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා වටා එක් වන බලතල භාවිත කිරීමේ දී ඔබතුමා ජනාධිපතිධුරය හොබවන කාල පරිච්ඡේදය තුළ රටට හානියක් සිදු නොවනු ඇතැයි මම විශ්වාස කළ ද, අනාගතයේ පත්වන ජනාධිපතිවරයකු යටතේ මෙරට ඛේදජනක තත්ත්වයට ඇද වැටෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.”

ආචාර්ය විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්.

Related posts

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

colombotoday

තත්පර පහක් මාස්ක් එක මුහුණෙන් ඉවත් කර සිටීමෙන් ආසාදිතයකු විය හැකි

colombotoday

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday