Colombo Today Local News

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

මාවනැල්ල පොලිස් වසමේ මාවෙල, හිඟුල ලිපිනයේ පදිංචිව සිටි කුඩා දැරියක් මිඳුල අතුගාමින් සිටිය දී වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැසිකිළි වළට යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණයෙන් කොටසක් කැඩී එය තුළට වැටී තිබේ.

පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 14 ක් වු හිඟුල ප්‍රදේශයේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

පශ්චාත් මරණ පරීක්ෂණය මාවනැල්ල රෝහලේ දී සිදුකර ඇති අතර, එහිදී විෂ වායුවක් ආග්‍රහනය වීමෙන් දැරිය මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.

ඊයේ (27)දින උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

colombotoday

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

මත්තල ගුවන්තොටුපොළින් 2022 දී කෝටි 2221ක් පාඩුයි

Admin

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

colombotoday

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

colombotoday

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday