Colombo Today Local News

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගන්නේ යැයි කයිවාරු ගසා බලයට පත් වූ ආණ්ඩුව විසිවැනි සංශෝධනය මගින් පන්සිල් පද පහ ද බිඳ දමා ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනතාව නොමග යවා බොරු කියමින් ජනතාවගේ බදු මුදල් කොල්ලකෑම පහසු කරවීමට යයිද ඔහු පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විසිවන සංශෝධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කිසිවෙකු නොසලකා හිතුවක්කාර ලෙස පාර්ලිමේන්තු ගෙනවිත් ඇතැයි ද පැවසූ ඔහු සියලු බලතල තමන්ට පවරා ගැනීමට ජනාධිපතිවරයාට තිබූ හදිසිය මෙම මගින් ප්‍රසිද්ධ ප්‍රකාශ වන බවත් එය අතිශය හිතුවක්කාර සහ බලහත්කාරකමක් යැයිද පැවසීය.

20 වන සංශෝධනය ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලවත් උවමනාවක් ඇති නමුත් ඊට මහින්ද රාජපක්ෂ මහතා ගේ පොඩි ඈලිමෑලි ගතියක් පේන්න තිබෙන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

ජනපතිගේ නියෝගයක් මුදල් ඇමති කුණු කූඩයට දමයි !

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

colombotoday

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

Admin

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday