Colombo Today Local News

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ගෙන යන වැඩපිළිවෙළ ගැන සතුටු වෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ප්‍රශ්නය – සාධාරණයක් ඉටුවේවි යැයි ඔබ වහන්සේ විශ්වාස කරනවාද ?

අගරදගුරු හිමිපාණන් – “මම විශ්වාස කරනවා ඒ ගොල්ලෝ අවංකවම මේ කාරණාව හොයලා බලමින් කටයුතු කරනවා කියලා පේනවා”

ප්‍රශ්නය – ඔබ වහන්සේලා මේ කොමිසම ගැන ප්‍රකාශක් කරනවාද කොමිසම සම්බන්ධයෙන් ?

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – “නෑ. කොමිසමේ වාර්තාව එනතුරු බලාගෙන ඉන්නවා, වාර්තාවට පස්සේ තමයි අපි කියන දෙයක් කියන්නේ.”

Related posts

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday

මාලිමාණ්ඩුවේ පළවෙනි බිල්ල මමයි, රුහුණු උපකුලපති කියයි

Admin

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

colombotoday