Colombo Today Local News

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේ සහ අම්පාර දිස්ති‍්‍රක්කයේ පස්වරු 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, තී‍්‍රකුණාමලය සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 ක 60 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ හැකියාවක් පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ හැකියාවක් ඇති බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ හැකියාවක් ඇති බවද පෙන්වා දෙයි.

Related posts

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

මැතිවරණයට ටෙලිපෝන් එකෙන් තරග කරන්නේ පිංවන්තයෝ.. මට තෘප්තියක් ලැබෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි

colombotoday

ගෝඨා බලයට ආවොත් පාර්ලිමේන්තුවේ ඉන්න 25%ක් අනිවාර්යෙන්ම මරා දමනවාමයි – රන්ජන්

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

බුර්කාවක් ඇදගත් පිරිමියෙක් ගම්පහදී අල්ලා පොලීසියට බාරදෙයි.. ආවේ කෙල්ලගේ හොර අල්ලන්නලු

colombotoday

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday